ඕස්ට්‍රේලියානු සංචාරයට යන ශ්‍රීලංකා සංචිතය මෙන්න

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රීලංකා කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ උපුල් තරංගයි.

නම්කර ඇති සංචිතයට දිනේෂ් චන්දිමාල් සහ ධනංජය සිල්වා ඇතුළත්ව නැහැ.
දකුණු අප්‍රිකාව සමග මේ දිනවල පැවැත්වෙන තරගාවලියේදී ඔවුන් දෙදෙනාම අඩු දක‍ෂතා දැක්වීම ඊට හේතුවී ඇතැයි විචාරකයන් විශ්වාසය පළ කරනවා.

නම්කර ඇති කණ්ඩායමට අලූතින් කැදවා සිටින ක්‍රීඩකයින් වන්නේ ඩිල්ෂාන් මුණවීර, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර සහ විකුම් සංජයයි.


Previous Post Next Post