කේරළ ගංජා කිලෝ ග්රෑම් 154ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුමක දී කන්කසන්තුරේ මුහුදු ප්රදේශයේදී මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසුවේය.
අනතුරුව සිදු කළ දීර්ඝ මෙහෙයුමක දී ඊට අදාළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු උඩුත්තුරෙයි මුහුදු ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙත බාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කළේය.
2016 වර්ෂයේ මේ දක්වා කාලය තුළ උතුරු මුහුදු ප්රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් කේරළ ගංජා කිලෝ ග්රෑම් 700ට ආසන්න ප්රමාණයක් සිය බාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේය.