සීගිරි කුරුටු ගී නොපෙනී යයි

පුස් විශේෂයක් ව්‍යාප්ත වීම හේතුවෙන් සීගිරිය කැටපත් පවුරට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මෙම පුස් කැටපත් පවුරේ ස්ථාන කිහිපයක පැතිරී ඇති අතර ඒ හේතුවෙන් ඒ මත ලියා ඇති කුරුටු ගී නොපෙනී යන තත්ත්වයක් ද උද්ගතවී ඇත.

එම පුස් ඉවත් කිරීම අද ආරම්භ කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසී ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ද වැඩපිළිවෙළට හිමිව ඇති බවත් සීගිරියේ චිත්‍ර පවතින පරිශ්‍රයේ ගුහා කිහියක ද පුස් විශේෂයක් ව්‍යාප්තව ඇති බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

ඒවා ඉවත් කිරීම ද මීට සමගාමීව සිදු කෙරෙන බව ඔහු පැවසී ය.
Previous Post Next Post