උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාදයට එරෙහිව ගුරුවරු නඩු යාමට සැරසෙති

2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වීම නිසා ඊට පෙනී සිටි අයදුම්කරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා.

ප්‍රතිඵල ප්‍රමාදවීම නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් මුහුණදෙන අගතීන් වෙනුවෙන් ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වුව ද තමන් කටයුතු කරන බවයි මහින්ද ජයසිංහ මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ.
සාමාන්‍යයෙන් වෙනත් වසරවල දී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ නොවැම්බර් අග හෝ දෙසැම්බර් මාසයේදීයි.

මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ ජනවාරී 12 වනදා පමණ වනවිට බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිඛෙනවා.

ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ තාක්ෂණ විෂය ධාරාවෙන් සිසුන් වැඩි පිරිසක් මෙවර විභාගයට පෙනී සිටීමයි.
Previous Post Next Post