වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කරමින් ඉකුත් මැයි මස 2 වෙනිදා සිදුකෙරුණු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එන්.බී.ටී. හෙවත් ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා සිදුකෙරුණු සංශෝධන ද මේ සමග තාවකාලිකව අත්හිටුවනු ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කෙරුණා. පෙත්සම සලකා බැලුණේ අගවිනිසුරු කේ. ශ්‍රී පවන් , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් ඉදිරියේයි.