රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙරට සෞඛ්‍ය ඇමැතිවරයාය.
මෙරට රජයේ හෝ පෞද්ගලික රෝහලකින් බයිපාස් සැත්කමක් කරගැනීමේ කිසිදු අපහසුතාවක් ඔහුට පැන නගින්නේ ද නැත.
මෙරට රෝහල්වල බයිපාස් සැත්කම් වැරදුණු බවක් වාර්තා වීද නැත.
එසේ තිබියදී විශාල මුදලක් වැය කොට සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් වීමේ අවශ්‍යතාව කුමක් දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති.
සිංගප්පූරු රෝහලකින් සැත්කමක් කරවා ගැනීමට, ප්‍රතිකාර ලබාගැනීමට අති විශාල මුදලක් වැය වන බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ.
එසේ තිබියදී මේ සඳහා වැය කරන්නේ පෞද්ගලික මුදල් ද අමාත්‍යාංශයේ මුදල් ද යන්නත් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන කාරණයකි.
මේ කතාවලට යම් වාසිදායක පිළිතුරක් ලැබෙන කතාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කියා තිබිණි.
ජනාධිපතිවරයාට රාජිත ඇමැතිවරයා අසනීපව සිටින බව ආරංචි වූ විගස ඔහුට දුරකථන ඇමතුමක් ගෙන තිබේ.
රාජිත ඇමැතිවරයාගේ දුරකථනයට පිළිතුරු දී ඇත්තේ චතුර සේනාරත්නය.
ජනාධිපතිවරයා ඔහුට කියා තිබුණේ "ප්‍රතිකාර සඳහා ඉක්‌මනින්ම කටයුතු කරන්න. සිංගප්පූරුවේ එක්‌කගෙන යනවනම් ඊට අවශ්‍ය සියලු දේ සූදානම් කරන්න. මමත් නිලධාරීන්ට කියන්නම්" යනුවෙනි.
කෙසේ හෝ පසුගිය දිනවල රාජිත සේනාරත්න ඇමැතිවරයා වාර එකොළහකටත් වඩා එෆ්. සී. අයි. ඩී. කැඳවීම් මඟහැර සිටි බවට ද තොරතුරු වාර්තා වී තිබිණි.
"හදිසි අසනීපය" පිටුපස ඇත්තේ ද එය මඟහැරීම බවට ද ඇතැමුන් ප්‍රකාශ කරති.
ඒ සියල්ලටම නිසි පිළිතුරු ලැබෙන්නේ "ප්‍රතිකාර" වලින් පසුව මෙරටට පැමිණෙන රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී "කට" අරින මොහොතේය.
(උපුටා ගැනීම දිවයින)