දරුණුම එල්නිනෝවක් 2016දී

වසර 65 කට පසු ලොව මුහුණ දෙන දරුණුතම එල්නිනෝ දේශගු‚ක තත්ත්වය 2016 දී ඇතිවන බව පවසන ජාත්‍යන්තර සහන සංවිධාන එම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක කෝටි ගණන් ජනතාවට නියඟයෙන් හා අධික ගංවතුරෙන් පීඩා විඳීමට සිදුවන බවට අනතුරු අඟවති. නියඟය හා ජල ගැලීම් හේතුවෙන් රටවල් රැසක ආහාර හිඟයක්‌ ඇතිවන බවත් එයින් කෝටි ගණන් ජනතාව පීඩාවට පත්වන බවත් එම සංවිධානය පෙන්වා දෙති.

2016 මුලදී මෙම තත්ත්වය අප්‍රිකාවට මුලින්ම බලපාන අතර පසුව එය කැරිබියන් රටවලට, මධ්‍යම හා දකුණු ඇමරිකානු රටවලට බලපානු ඇත.
ආසියානු කලාපයේදී වර්ෂාව සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවනු ඇත.

ඉන්දුනීසියාවේ වර්ෂාව සියයට තිහකින් පමණ අඩුවන අතර ඉන්දියානු කලාපයේ මෝසම් වර්ෂාව සියයට පහළොවකින් අඩුවනු ඇත. කෙසේ වෙතත් ලොව තවත් රටවල් රැසකට මේ කාලයේ දරුණු ගංවතුර තත්ත්වයන්ද ඇතිවනු ඇත.

මෙවන් දරුණු එල්නිනෝ කාලගු‚ක තත්ත්වයක්‌ මීට පෙර ඇතිවූයේ 1950 දීය.

එල්නිනෝ යනු?
එල්නිනෝ යනු පැසිෆික් සාගරයේ නැගෙනහිර පැසිෆික් සමකයට ආසන්නයේ පේරු දූපත් ආසන්න මුහුදේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම ය.

එලෙස උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව වන්නේ, නැගෙනහිරින් හමන සුළං ධාරාවේ වේගය අඩු වීම ය.එහෙත් මෙලෙස සුළං ධාරාවේ වේගය අඩු වීමට හේතුව සොයා ගැනීමට විද්‍යාඥයින් අසමත් වී තිබේ.

අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ යාමෙන් ඇතිවන පීඩන අන්තරයේ වෙනස නිසා ගෝලීය සංසරණ රටාවේ ඇති වන වෙනස්කම් දක්නට ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ප්‍රබල එල්නිනෝ තත්වයක් ඇතිවුවෙහොත් මෙරට වැසි තත්ත්වයේ අඩු වීමක් ඇති විය හැකි අතර ඔක්තෝම්බර්, නොවැම්බර් හා දෙසැම්බර් වර්ෂාපතනය වැඩි වශයෙන් පවතින බව ය.

කෙසේ වෙතත් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් පැවතුණහොත් පමණක් එම තත්ත්ය මෙරටටට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය අවධාරණය කළේ ය.
Previous Post Next Post