මෙරට ගෑස් වෙළෙඳපොළේ අවශ්යතාවයෙන් සියයට 20ක ප්රමාණයක් සපුරාලීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අතීතයේ ගෑස් පෝලිම් ඇතිවූ අවස්ථාවේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වයන් පිළිබඳව ද ප්රශ්න පවතින බව ද ඒ මහතා පැවසීය.
එවකට ගෑස් හිඟය ඇති කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දුන් බවට චෝදනා කරන ව්යාපාරිකයෙකු මේ වන විට වත්මන් ආණ්ඩුව සමඟ සිටින බවත්, එම ව්යාපාරිකයාට එරෙහිව අල්ලස් කොමිසමේ පවතින පෙත්සම යටපත් කර ඇති බවත් ඔහු ප්රකාශ කලේය.
එම ව්යාපාරිකයාගෙන් යැපෙන මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පිළිබඳව ඉදිරියේදී හෙළි කරන බව ද ඔහු සඳහන් කලේය.
මෙරටට ගෑස් සැපයීම ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් මගින් සිදුකරන අතර, ප්රධාන සැපයුම් වගකීම ලිට්රෝ සමාගම සතු බව ද ලාෆ්ස් සමාගම හම්බන්තොට ගෑස් පර්යන්තයක් ස්ථාපිත කර එය ඩුබායිහි ලියාපදිංචි කර ඇති බවත්, මෑතකදී එහි අයිතිය ජනාධිපතිවරයාට සමීප ව්යාපාරිකයෙකු විසින් මිලදී ගෙන ඇති බවත් ඔහු ප්රකාශ කරයි.
එම සමාගමට ඉරානයෙන් ගෑස් මිලදී ගැනීම හේතුවෙන් ඇමෙරිකාව සම්බාධක පනවා ඇති බව සඳහන් කළ රණවක මහතා, එම සම්බාධක ඉවත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා කටයුතු නොකරන බවට ද චෝදනා කලේය.
තවද, ලිට්රෝ සමාගමට ඇමෙරිකාවෙන් ගෑස් මිලදී ගැනීමට උපදෙස් දී ඇති නමුත්, අදාළ ටෙන්ඩර් කොන්දේසි අනුව කුඩා නෞකා හතරකින් ගෑස් සැපයිය යුතු වුවද නෞකා තුනක් පමණක් පැවතීම හේතුවෙන් සැපයුම්කරුට අවශ්යතාව සපුරාලීමට නොහැකි වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.







