Email

“දැන් ඔහු දැඩි සත්කාර ඒකකයේ හුස්ම ගැනීමේ යන්ත්‍රයකට සවිකර ජීවිතය යදිමින් ඇත...!” - ජීවිතය නිමාවන්නට ඔන්න මෙන්න තිබියදී අනූනවයෙන් තරුණයෙකුගේ ජීවිතය ගළවාගත් හැටි

මේ සංචරණ සීමා සමය බොහෝ දෙනෙක් කියන්නා වගේ "වසන්තයක්" නොවන බව ඔබ දැනටමත් දන්නවා. ඒකට හේතුව දවසින් දවස, මොහොතින් මොහොත අපිට දකින්නට අහන්නට ලැබෙන දේවල් ම තමයි.

පසුගිය දවසක, හෙද නිලධාරිනි පුෂ්පා සොයිසා ඇගේ මුහුණු පොතට මේ ගැන මෙන්න මේ විදිහට සටහනක් එකතු කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන...

ස්වාමි පුරුශයින් මෙපමණම අසරණ වූ බවක් මා දුටුවේ මේ සංචරණ සීමා කාලය තුලයි.
එට පුරා වසංගතයක් ඇති අවස්ථාවක, අප, ඔබ මුහුණ දෙන මෙවන් ගැටලු විසදා ගත හැකිව තියෙද්දි හැම දෙනාම දුක් විදින ආකාරය අපට හිතා ගත නොහැකිය !
පවුල් ජීවිත මෙපමණට අවුල් වුනේ කෙසේදැයි නොතේරේ?
1. ඔහු, ඔහුගේ හදවත පිහිටා ඇති පපුව මතුපිට ඇයගේ නමත් කොටා ගෙන තිබුණා. එහෙත් ඒ ආදරයට කුමක් සිදුවී දැයි කිසිවෙකුත් නොදනී. ඔහු වෙනදා වගේ එදත් සේවයට පැමිණුනා. විවේක කාමරයේ සැම දෙනාම ඉවත් වූ පසු ඔහු දොරවසා ගත්තා.බොහෝ වේලාවක් ඔහු පිටතට නොපැමිනුණ බැවින් සේවක මිතුරන් පැමිණ ඔහුට කථා කරත් ඔහු දොර විවෘත කරේ නැහැ. ඒ නිසා ඔවුන් බලහත්කාරයෙන් දොර ඇරියා. එවිට දුටු දෙයින් ඔවුන් ත්‍රස්ථ වූවා. ඔහු පිහියකින් තම ගෙල කපා ගෙන තිබූ අතර එයට පෙර වසත් පානය කරලා. ඔහුව බේරාගත් මොහොතේ ඔහු කියා සිටියේ ඔහු පවුල් ප්‍රශ්ණ වලින් දැඩි ලෙස පීඩා විදි බවයි. ඔහු තම ජීවිතයට මොනදේ සිදු කලත් ඔහුගෙ ජීවිතය බේරා දීමට අපේ අයට හැකිවිය.
2. තම පවුල් ජීවිතයේ ඇති ප්‍රශ්ණ විසදා ගත නොහැකිවූ මොහු තම අත කපා ගත්තෙ බිරිදට රිද්දවන්නයි. ඒ විතරක් නොවෙයි තමාට පුංචි දරුවන් සිටියත් ඔහුට අවැසි වූයේ තමාගේ ජීවිතෙන් මිදී වෙන ලෝකෙකට යන්නයි.නමුත් . කැපුනු අතින් රුධිරය කොතරම් ගලා ගියත්, ඒ අතට මැහුම් කිහිපයක්ම දමා සුවපත් කර නැවතත් ඔහුව නිවසට මුදා හරින්නට අපේ අය කටයුතු කරා.
ඔහුව නිවසට ගෙන යන්නට රෝහලට පැමිණියේ ඔහුගේ බිරිදයි. පුංචි පුතයි. ඔවුන් යනතෙක්ම‍ එනම් මේ පුංචි පුතාගෙ අම්මයි තාත්තයි සිටියෙ ලෝක දෙකක. ඒ ලෝක දෙකට මැදිවූ පුතා දෙදෙනා දෙසම විටින් විට බලමින් ගිය අතර , තිදෙනාම එළෙසින්ම ගෙට්ටුවෙන් නොපෙනී යන්න ගියා.
3. ඔහු මැදි වයසේ අයෙක්. තම බිරිද සමග ඇතිවූ ආරෝවකදී ඇතිවූ කෝපය වළක්වා ගත නොහැකිව ඔහුගේ බිරිද එළවලු කපන පිහියෙන්ම ආවේගකාරීව තම බෙල්ලට එල්ල කරගත් පිහි පහරින් ඔහු සිතුවාටත් වඩා ගැඹුරට එම පිහි පහර කිදා බැසීය .
එබැවින් උගුරු දණ්ඩ කැපුණු හෙයින් ඔහු දැඩි රුධිර ගැලීමකටත් හුස්ම ගැනීමේ බාධාවකටත් ලක්වූ අතර දැන් ඔහු දැඩි සත්කාර ඒකකයේ හුස්ම ගැනීමේ යන්ත්‍රයකට සවිකර ජීවිතය යදිමින් ඇත.
මේ පැමිණි පිරිසෙන් කිහිප දෙනෙකු පමණි.
පසුගිය සමයේ බොහෝ විට වාර්තා වූයේ කාන්තා හිංසනයි. නමුත් මෙකලදී පැහැදිලි වෙනසක් වී ඇති බව පෙනේ.
එහෙත් ගෞරවාන්ත විවාහයක ඵලය විය යුතු වන්නේ මෙයද?
විවාහය. වෙනස්ම ජීවන රටා වල ජීවත් වූ ගැහැණිය සහ පිරිමියා යන දෙදෙනෙකුගේ එකතුවක් බව හැබෑය. නමුත් එකිනෙකාට ආදරය කිරීම මෙන්ම එකිනෙකාට ගෞරවය කිරීම ඔවුන්ගේ වගකීමය.
බත ඉදෙන තුරු පමණක් රණ්ඩු සරුවල් තබාගෙන එකිනෙකා කෙරෙහි නම්යශීලි බව පවත්වා ගැනීමෙන් බොහෝ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා ගත හැකිය.
ස්වාමියා හෝ බිරිද ආවේගකාරීව ගන්නා පියවරෙන් දුක් විදින්නේ ඔබේම දරුවා බව මොහොතකට සිතන්න. ප්‍රශ්ණ විසදීම කල යුතු වන්නෙ අඥාණ ක්‍රියා වලින් නොව.
එහෙයින් ප්‍රශ්ණයක් පැමිණි විට ඔබ එම ස්ථානයෙන් ඉවත් වන්න.. මදක් සංසුන් ස්තානයකට ගොස් එය පාලනය කරගන්න. ඔබේ කේන්ති නිවුන පසු එය අමතක කර වෙනත් ක්‍රියාවක නිරත වන්න.
එය සෙකන්ඩ් වීමක් නොව.
එයින් බොහෝ ප්‍රතිලාභ ඔබට හිමි වනු ඇත

gossip lanka