Email

අන්තර්ජාලයේ ආන්දෝලයනට ලක්වූ “පහන්තුඩාවේ” වීඩියෝව ගැන පොලිසිය කියන දේ!

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වන සුන්දර දියඇල්ලක් අසල තරුණ යුවළක් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් පිළිබඳ පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමුව තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කරනවා.
 
එමෙන්ම පොලිස් නිලධාරියකු සඳහන් කර තිබෙන්නේ මෙම ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමුකළ අය කවුරුන්දැයි සොයාගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමුවී ඇති බවයි

පොදු ස්ථානයක මෙලෙස හැසිරුණ මෙම තරුණ යුවළ සොයා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුවද පළමුවෙන් මෙම දර්ශන ඇතුළත් ප්‍රදේශය, දියඇල්ල හා ඊට පෙනී සිටින යුවළ හඳුනාගත යුතුව ඇතැයිද පොලිස් නිලධාරියා සඳහන් කරනවා

කෙසේ වෙතත් බෙලිහුල්ඔය පිහිටි මෙම පහන්තුඩාව දියඇල්ල දර්ශනීය වූද දේශීය හා විදේශිකයන්ගේ සිත් සතන් පහන් කරන්නා වූද ස්ථානයක් බවයි.
gossip lanka