Email

කුස්සියේ දොරෙන් ගෙට රිංගා පොලිස් නිලධාරිගේ බිරිඳට බරපතළ ලිංගික අපයෝජනය කළ කාමාතුරයාට වෙච්ච දේ!

විවෘත කර තිබූ පිටුපස දොරෙන් නිවසකට ඇතුල්වී එම නිවසේ කාමරයක් තුළ සිටි 34 හැවිරිදි එක් දරු මවක් බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයක් කළ සැකකරු රුපියල් ලක්‍ෂ 02 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා පසුගිය දා නියම කළේය.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු මෙසේ ඇප මත මුදාහැරුණි. පැමිණිලිකාරියගේ සැමියා පොලිස් නිලධාරියකු බවත් ඔහු දුර බැහැර පළාතක සේවය කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය. පැමිණිලිකාරිය තම පියා සම`ග නිවසේ ජීවත්වන බවත් පියා නිවසේ නොසිටි සවස් කාලයකදී සැකකරු විවෘත කර තිබූ පිටුපස දොරෙන් නිවසට ඇතුළු වී කාමරය තුළ සිටි පැමිණිලිකාරියට තර්ජනය කර බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් පැමිණිලිකාරියගේ කෑගැසීම ඇසී පියා නිවසට පැමිණි අවස්ථාවේ සැකකරු පළා යෑමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැකකරුට මෙසේ ඇප නියම කරන බවද අධිකරණයේදී සඳහන් විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක
gossip lanka