අවුරුදු 12-19ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට එන්නත් දීම හෙට ඇරඹේ!

මෙරට කොරෝනා වසංගත මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති එන්නත්කරණ වැඩසටහන යටතේ හෙට (24) දිනයේ සිට අවුරුදු 12 - 19 අතර සංකූලතා සහිත දරුවන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කරනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ට පළමුව එන්නත් ලබාදී මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.

ඉන්පසුව කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල එන්නත්කරණය ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ විශේෂයෙන් සංකූලතා තියෙන අවුරුදු 12 - 19ත් අතර දරුවන්ට එන්නත්කරණය එම දිස්ත්‍රික්ක දෙක මූලික කරගෙනඅ ාරම්භ කරන බවයි.

මෙම එන්නත්කරණය පිළිබඳව රට දැනුවත් කිරීමේ සංඛේතය ලෙස අමාත්‍යවරයා විසින් රිජ්වේ ආර්යා ළමා රෝහල නම් කළ අතර හෙට (24) දිනයේ දී එහි එන්නත්කරණය ආරම්භ කරන බවද සඳහන් කර සිටියා.
Previous Post Next Post