ආරක්ෂක හේතූන් මත ප්‍රධාන දුරකථන වර්ග කිහිපයක් තහනම් කරයි

පාරිභෝගිකයින් චීන ජංගම දුරකථන මිලදී ගැනීමෙන් වළකින ලිතුවේනියාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය එරට ජනතාවට නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම ඒවා ඉවත දමන ලෙසයි ජනතාවට උපදෙස් දී ඇත්තේ.

මෙයට ආසන්නතම හේතුව ලෙස එරට ආරක්ෂක අමාත්‍යයංශය දක්වා ඇත්තේ Xiaomi දුරකථනයේ හි Mi 10T 5G දුරකථන මෘදුකාංගයේ ඇති “යුරෝපා සංගම් කලාපය” සඳහා අක්‍රිය කර තිබූ නමුත් ඕනෑම වේලාවක දුරස්ථව එය ක්‍රියාත්මක කළ හැකි වීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

“අපගේ නිර්දේශය වන්නේ නව චීන දුරකථන මිලදී නොගැනීම සහ සාධාරණ මිලකට හැකි ඉක්මනින් මිලදී ගත් ඒවා ඉවත් කිරීම” බවයි රජයේ ආරක්ෂක වාර්තාව හඳුන්වා දීමේදී නියෝජ්‍ය ආරක්ෂක ඇමති මාගිරිස් අබුකෙවියස් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ.

එරට ජාතික සයිබර් මධ්‍යස්ථානයේ වාර්තාවේ සඳහන් වූයේ ද Xiaomi දුරකථනය සංකේතාත්මක දුරකථන භාවිත දත්ත සිංගප්පූරුවේ සේවාදායකයකට යවන බවයි.

චීනයේ හුවාවි සමාගම විසින් P40 5G දුරකථනයේ ආරක්‍ෂිත දෝෂයක් ද සොයා ගත් නමුත් තවත් චීන නිෂ්පාදකයෙකු වන One Plus දුරකථනයේ කිසිවක් හමු නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෝල්ටික් ප්‍රදේශයේ Huawei හි නියෝජිතකු විදෙස් මාධ්‍ය වලට පැවසුවේ එහි දුරකථන පරිශීලකයාගේ දත්ත බාහිරව නොයවන බවයි.

ලිතුවේනියාව සහ චීනය අතර සබඳතා මෑතකදී නරක අතට හැරුණා.

මේ හේතුවෙන් චීනය පසුගිය මාසයේ ලිතුවේනියාවේ බීජිංහි සිය තානාපතිවරයා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

– ජාත්‍යන්තර SKY NEWS වාර්තාවක් ඇසුරින්
Previous Post Next Post