කොරෝනාවෛරසය: ඊයේ ආසාදිතයින් 1,342ක් - මරණ 92ක්

ඊයේ (සැප්. 22) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,342 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් රෝගීන් 61,274 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිට වූ පුද්ගලයින් සංඛ්‍යාව 435,022කි.

මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 508,672කි.

මේ අතර, මෙරටින් තවත් කොවිඩ් මරණ 92ක් ඊයේ (සැප්. 22) වාර්තා විය.

වයස අවුරුදු 30ට අඩු මරණ 2ක් ද වයස අවුරුදු 30 - 60 අතර පුද්ගලයින් 19ක් මෙන් ම වයස අවුරුදු 68 සහ ඊට වැඩි පුද්ගලයින් 71 දෙනෙක් මිය ගිය පිරිස අතර වෙති.

එමෙන් ම, මෙම පිරිස අතර කාන්තාවන් 41 දෙනෙකු සහ පුරුෂයින් 51 දෙනෙක් වෙති.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 12,376ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Previous Post Next Post