Email

කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි.. ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි

ඉන්දියාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා ගේ දායකත්වයෙන් ගැනීම සඳහා එරට රජය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ඒලියන්ත වයිට් මහතා ඉන්දියාවට කැඳවාගෙන යාම සඳහා විසබීජහරණය කරන ලද විශේෂ ගුවන් යානයක් ඉදිරි දින කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඔවුන්ගේ අනුදැනුම මත ඉන්දියාවට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ඒලියන්ත වයිට් මහතා තීරණය කර ඇති බවද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් සමඟ ද ඔහු සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇත.

ඒලියන්ත වයිට් මහතාට අවශ්‍ය කටයුතු සඳහා සිදු කිරීමේ පහසුව වෙනුවෙන් ඉන්දියාව මේ වන විටත් අදාල නීති රීති සකස් කරමින් පවතින බව කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් දැනගන්නට තිබේ.
gossip lanka