Email

2011 ලෝක ක‍්‍රිකට් කුසලානය ඉන්දියාවට මුදලට පාවා දුන්නා - මහින්දානන්ද

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ දී පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අැමති වරයා සදහන් කරයි.

එම තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව තිබූ නමුත් එය යම් පිරිසක් විසින් මුදලට පාවා දුන්නේ යැයි තමන්ට හැඟෙන බව ද ඔහු පවසයි.


තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් නමුත් ඒ සදහා ක‍්‍රීඩකයන් සම්බන්ධ කර නොගන්නා නමුත් යම් පාර්ශවයන් මීට සම්බන්ධ වී කටයුතු කල බවත් ඔහු පැවසීය.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනි නාළිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
gossip lanka