රාජ්‍ය සේවකයන් සිකුරාදා දිනවලදී බතික් ඇඳුමකින් සැරසී කාර්යාලයට වාර්තා කිරීම පිළිබඳව ජනපතිවරයා සාකච්ඡාවක් පැවැත්වූ බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමති විමල් වීරවංශ හෙලි කර තිබේ.
ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සතියක එක් දිනක් බතික් ඇඳුමකින් සැරසී පැමිණීමේ යෝජනාවක් ජනාධිපතිවරයා සමග පැවැති එම සාකච්ඡාවකදී අවධානයට ලක්වූ බව කුඩා හා
මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ පැවැසීය. ඔහුගේ මෙම අදහස මුල්වන්නේ ඔහුට හිමි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යටතට ගැනෙණ බතික් කාර්මාන්තය නැංවීමටය.
ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කළේ පසුගියදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදී දේශීය රෙදිපිළි කර්මාන්තයේ යෙදෙන පිරිස දිරිමත් කිරීම උදෙසා ගනු ලැබූ තීරණවලදී මේ පිළිබඳවද සාකච්ඡා වූ බවයි. එහි අවසන් නිගමනය ගැන ඇමතිවරයා දන්වා සිටියේ නැත.
සතියකට දිනක් රජයේ සේවකයන් කාර්යාලයට බතික් අඳින්නලු
2020-06-18T16:15:00+05:30
Lanka Hot News
Enghish News|