රාජිත වීරෝධාර අමරණීය නායකයෙක්.. ඔහු වෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවා - සජිත්

රාජිත සේනාරත්න යනු මෙරට දේශපාලනයේ වීරෝදාර ජවසම්පන්න නායකයෙක් බව හිටපු විපක්ෂනායක සමඟ ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙරට පොඩි මනුස්සයා වෙනුවෙන් පෙනී සිටි ඔහු ඉතාමත් ජවසම්පන්න දේශපාලන නායකයෙක් යයිද පේ‍්‍රමදාස මහතා පැවසීය.


හිටපු ඇමතිවරයාට යුක්තිය ඉටු කිරීම සඳහා ඒ වෙනුවෙන් ගත හැකි සියලුම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

රාජිත සේනාරත්නගේ සේවාව සදා අමරණීය යැයි ද පැවසූ ඔහු මෙරට සියළු දුක් විඳින ජනතාව ඔහුගේ නිදහස වෙනුවෙන් ඇප කැප වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පැවසීය.

ඔහුගේ නිදහස ලබාගෙන මෙනුවෙන් මෙරට සුවහසක් ජනතාව පෙරට එනවද තමන් විශ්වාස කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
Powered by Blogger.