CCDය නඩු ෆයිල් දෙකක් ගැන රන්ජන්ගෙන් ප්‍රශ්නකර ප්‍රකාශ අරගෙන

අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළ ලිපි ගොනු දෙකක් තමන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (19) දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.


ප්‍රදීප් එක්නැලිගොඩ සහ මොහොමඩ් වසීම් තාජුඩීන් යන අතුරුදන් වීම පිළිබඳ අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධ ‘බී’ වාර්තා ඇතුළත් නඩු ගොනු දෙකක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමකට අනුව රන්ජන් රාමනායක, අදාළ කොට්ඨාසය හමුවේ පෙනී සිට එම ප්‍රකාශය ලබාදී ඇත.
gossip lanka