මුහුදු මහ විහාරයේ ඉඩම් අක්කර 72යි.. ගැසට් කර ඇත්තේ 30යි.. ඉතිරි අක්කර 42 කොල්ලයක්ද ?

මුහුදු මහා විහාරයේ ඉඩම් ගැසට් කිරීම සම්බන්ධයෙන් පුරා විද්‍යා කොමසාරිස්වරයා වෙත හෙළ බොදු සවිය සංවිධානය විසින් යොමු කරන ලද ලිපියක් මෙහි සඳහන් වේ.

කොමසාරිස්තුමනි,

අක්කර 72 ක් ගැසට් කර තිබූ මුහුදු මහා විහාර භූමිය වර්තමානයේ අක්කර 30ක් ලෙස ගැසට් වූ පසු ඉතිරි අක්කර 42 තුල ඇති පුරාවස්තු වලට සිදු වන්නේ කුමක්ද?

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි මුහුදු මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරයකි. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වන සෙනරත් පරණවිතාන මහතා  මුහුදු මහා විහාරය පුරාවිද්‍ය සාක්ෂි සමග අක්කර 72 ක් 1951-01-26 වන දින අංක 10205 දරණ ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 ඉඩම් කැබැල්ලට අයත් වන ලෙස මුහුදු මහා විහාරය පුරාවිද්‍යා භූමියක් බවට ගැසට් කර ඇත. ඉන්පසුවද 1965-05-28 දින අක්කර 30 ක් පමණ මුහුදු මහා විහාරයට වෙන් කර ගැසට් කර ඇත. පසුව කලින් කල  විහාරයට අයත් බිම් කොටස් මුස්ලිම් ජනතාව විසින් අල්ලා ගැනීමෙන් පසු මෙම ඓතිහාසික භුමියෙන්  දැනට ඉතිරි වී ඇත්තේ අක්කර 08-10 ත් අතර භූමි ප්‍රමාණයකි. මෙවැනි තත්වයක් තුල වත්මන් ආණ්ඩුවද 2020 මැයි මස 14 දින මෙම බිම් ප්‍රමාණය අක්කර 30ක් ලෙස ලෙස ගැසට් කිරීමට තීරණය කර ඇත. මුළු අක්කර 72 ක් වූ බිම් ප්‍රමාණයෙන් අක්කර 30ක් ගැසට් කළ පසු ඉතිරි වන අක්කර 40ක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති  පිලිම/නටබුන් මංකොල්ල කෑමට උත්සාහ කිරීමක්ද යන්න සමස්ථ රටවැසියාට මතුවන ගැටළුවකි.

පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරු කරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරුපත පිළිබඳ ඔබ දැනුවත් යැයි අප විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වන ලෙස  අප ඉල්ලා සිටිමු.  ඒ අනුව විහාරභූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබදව වත්මන් ඇමැතිතුමන් දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුම කර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහා විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවධියෙන් සිටින බව දන්වා සිටිමු.

මෙයට
සසුන්ලැදි
බුදුගල ජිනවංස හිමි
Powered by Blogger.