දිවා, රාත්‍රී ලෙ​ස අන්තර්ජාල පහසුකම් වෙන් කිරීම නවත්වන්න – ජනපතිට විශේෂ යෝජනාවක්

නිවසේ සිට අන්තර්ජාලය හරහා රාජකාරි කටයුතු කිරීම පිළිබඳව රජයේ වැඩපිළිවෙලට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් යෝජනාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කොට තිබෙනවා.

පවතින තත්වය අනුව නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතු කිරීමට බොහෝ දෙනෙකු හට සිදු වී ඇති හෙයින් ඒ සඳහා අධික පිරිවැයක් තම තමන්ටම දැරීමට සිදු වීමෙන් මහත් අපහසුතාවයට පත්ව සිටින රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරනා පිරිස් වෙනුවෙන් මෙම සහනය ලබා දිය යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසි​න් (UNITE) ජනපතිට දන්වා සිටිනවා.

අන්තර්ජාල පහසුකම් මිළ අධික වීමත්, දිවා රාත්‍රී ලෙස වෙන් කොට අන්තර්ජාල පහසුකම් ලබා දීමත් හේතුවෙන් බොහෝ දෙනා මේ දිනවල දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. එම වෙන් කොට ලබා දීමේ ක්‍රමය අහෝසි කොට දවස පුරාම භාවිතා කිරීමට හැකිවන පරිදි අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය රජයට යෝජනා කොට තිබෙනවා.
Previous Post Next Post