ඉකුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වංචා ගැන කියන්න පොදුජන පෙරමුණ අල්ලස් කොමිසමට !

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යවරු 19 දෙනෙකුට එරෙහිව අල්ලස් චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගොනුකර ඇති පැමිණිලි විභාග නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගැනීමට වුවද සූදානම් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අදාල පැමිණිලි විභාග නොවීම පිළිබදව සොයා බැලීම සඳහා අද කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඉකුත් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් සිදුකර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් විසින් ගොනුකර ඇති පැමිණිලි විභාග නොවීම පිළිබදව සොයා බැලීමට ඔවුන් අද අල්ලස් චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේය.
Previous Post Next Post