Email

කුවේට්වලින් ආපු අයෙක්ටත් කොරෝනා - සමස්ත ආසාදිතයින් ගණන 1028 දක්වා ඉහළට

අද (20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1028 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

ඊයේ දිනය තුළ පමණක් කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකීකයින් 500 කට අධික ප්‍රමාණයක් දිවයිනට පැමිණි ඇත.

වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 15 දෙනකු අද සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුව වු සමස්ත පුද්ගලයින් ගණන 584 දක්වා වැඩි විය.

මේ අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 435 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ආසාතයින්ගෙන් 585 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඔවුන්ගෙන් 221 දෙනෙකු ද මේ වන විට පූර්ණ සුවය ලබා තිබේ.

කොරෝනා මරණ 9 ක් මෙරටින් වාර්තා වී ඇත.
gossip lanka