එංගලන්තයෙන් අභිරහස් ගුවන් යානයක් !

එංගලන්තයේ සිට පැමිණෙන UL 504 දරන අන්තිම ගුවන් යානය ලංකාවට මේ මොහොතේ පියාසර කරමින් ඇති අතර එය අද (17) දහවල් 12.41ට කටුනායක ගුවන්තොටුපලට ලඟාවීමට නියමිත බව පැවසේ.
මෙම ගුවන් යානය සම්බන්ධයෙන් මේවන විට සමාජ මාධ්‍ය තුළ විශාල කතා බහක් ඇතිව තිබේ.


ශ්‍රී ලංකා රජය විසින් රටවල් කිහිපයක සිට ගුවන් මගින් ලංකාවට පැමිනීම තහනම් කර ඇති මොහොතක (විශේෂයෙන්ම මහා බ්‍රිතාන්‍යයේ සිට) මේ අවසන් ගුවන් යානයෙන් ගොඩබසින මගීන් නිවැරදි ක්‍රියා පටිපාටියට යටත්ව නිරෝධනයට යොමු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ෆේස්බුක් සටහන්වල දැක්වේ.







































එම ගුවන් යානයේ ආසන වෙන්කරගෙන සිටි ඇතැම් මගීන් හට උදෑසනම ඊමේල් පණිවිඩක් මගින් ටිකට් වෙන්කර ගැනීම් අවලංගු කර අති බව දන්වා තිබූ බවත් එම වාර්තාවල දැක්වේ.




































-srilankamirror
Previous Post Next Post