කොරෝනා සමාජයේ පැතිරීමේ මට්ටමේ… ආසාදිතයන් සිය දහස් ගණනක් එකවර මතුවීමේ අවදානමක්

ඉදිරි සති දෙක තුනක කාලය ඇතුලත මෙරට තුලින් කොරෝනා ආසාදිතයන් සිය දහස් ගණන් එකවර මතුවීමේ අවදානමක් මතුවී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ වන විටත් සමාජයේ තැනින් තැන අහඹු ලෙස කොරෝනා රෝගීන් හමු වීමෙන් මෙම තත්ත්වය පෙනෙන බව ද ඔහු පැවසීය.


ඉදිරි සති දෙක තුනක කාලයක් ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක බවද එනිසා ජනතාව ඉතා වගකීමෙන් හැකිතාක් දුරස්ථභාවය රකිමින් කටයුතු කළ යුතු බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.
Previous Post Next Post