එදා පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ සමග සිටි අය අතර මනාප පොරයක් නෑ... ජනතාවට අපිව විශ්වාසයි අපි ඒ විශ්වාසය රැකගෙන තිබෙනවා - හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

පසුගියදා හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ජනතාව අමතමින් වර්තමානයේ පවතින මනාප පොරය ගැන මෙලෙස අදහස් දක්වනු ලැබුවේය.

"දැන් ඔන්න පේන්න පටන් ගන්නවා ඒ ඒ පක්ෂය අතර මනාප පොරේ පටන් ගන්නවා. විශේෂයෙන් දැන් එජාපෙ කෑලි දෙකට කැඩිලා එක කෑල්ලක් රනිල් ගාව. අනික සජිත් ගාව.

දැන් එයාලට ඕන වෙලා තියෙන්නේ රට හදන්න නෙමෙයි පක්ෂෙ හදාගන්න. හැබැයි හොදට හොයලා බලන්න එදා මහින්ද මහත්තයා ගෙදර ගිය දවසේ ඉදන් එතුමා එක්ක
අවංකව හිටපු අය කිසිම තැනක මනාප පොරේට වැටිලා නෑ ජනතාවට අපිව විශ්වාසයි අපි ඒ විශ්වාසය රැකගෙන තිබෙනවා ජනතාව තමයි අපේ ශක්තිය"

තවදුරටත් එතුමා අදහස් දක්වමින් කියා සිටියේ,

"දැන් අපිට අභියෝගයක් තියනවා. ඒ තුනෙන් දෙකක බලය සහිත පාර්ලිමේන්තුවක් හදා ගන්න එක. සමහර වෙලාවට කෙනෙක් අහන්න පුළුවන් කොහොමද තුනෙන් දෙකක් ගන්නේ
කියලා. නෑ අපිට පුළුවන්. අපේ පාක්ෂිකයන්ට පුළුවන්. අපි තුනෙන් දෙකක් අරගෙන පෙන්නනවා."

Previous Post Next Post