ඇමතිවරු මැරයන් ඉදිරියේ කොන්ද නොනැමූ වනජීවි නෝනා! පරිසරය රැකගන්න මාර සෙනඟ මැද කළ සටන මෙන්න - (video)

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩොලාන බිමක් වනසමින් එහි ක්‍රිඩා පිටියක් තැනීම සඳහා බලපෑම් කරන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ ප්‍රදේශවාසී ජනතාව ඉදිරියේ එම වන බිමෙහි පැවැත්ම වෙනුවෙන් තනිව සටන් කළ රාජ්‍ය නිලධාරිනියකගේ වීඩියෝවක් සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.


මේ වන විට ගම්පහ කඩොලාන සහ වන භූමි අනවසරයෙන් අල්ලා ගෙන ඇති බවත් එහෙයින් අඩුම වන ගහනයක් ඇත්තේ තම බල ප්‍රදේශයේ බවත් ඇය ඇමතිවරයාගේ සහ සෙසු පිරිසගේ බලපෑම් මැද පැහැදිලවම පෙන්වා දෙයි.

කාර්මිකරණය සහ අධික ජනාවාසකරණය නිසා දැඩි ලෙස කාබන්ඩයොක්සයිඩ් නිකුත් වන ප්‍රදේශයේ ජනතාව සෙසු වනබිම් ටික ද විනාශ කළ විට හුස්ම ගන්නේ කෙසේ දැයි ඇය ප්‍රශ්න කරයි.

රටේ වනගහනය ඉහළ නැංවීම සඳහා ජනාධිපතිවරයා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති පසුබිමක එම රජයේ ඇමතිවරු රටේ වනභූමි විනාශ කිරීමට නිලධාරීන්ට ද බලපෑම් කිරීම අතිශය ඛේදජනක තත්ත්වයක් බව සමාජමාධ්‍ය පරිශීලකයන්ගේ අදහසය.

කෙසේ වුවද මෙම නීතිගරුක නිලධාරිනියගේ අභීත නැඟී සිටීම සහ නීතියට කටයුතු කිරීමේ පිළිවෙත නිසා අදාළ ව්‍යාපෘතිය පිළිබඳ යෝජනාව හකුළා ගැනීමට ඇමතිවරයා ඇතුළු පිරිසට සිදුවිය.
Previous Post Next Post