කොරෝනා නිසා දැඩි බලපෑම්.. මෙරට වෙලදපලේ රන් පවුමක් අසුදහස පන්නයි

දේශිය වෙලදපොලේ රන් පවුමක මිල රු අසුදහස දක්වා ඉහල ගොස් ඇති බව ස්වර්ණාභරණ වෙලදුන් පවසයි.

පැතිර යන කොරෝනා රෝගය හේතුවෙන් කොටස් වෙලදපොල ගණුදෙනු පහත වැටිම නිසා රත්තරං සදහා ඇති ඉල්ලුම ඉහල යාමත්, ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම දේශිය වෙලදපොලේ රන් පවුමක මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි ස්වර්ණාභරණ වෙලදුන් කියා සිටින්නේ.


දිවයිනේ නිෂ්පාදනය කරනු ලබන ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් නිතියානුකුල නොවන ආකාරයට ඉන්දියාවට රැගෙන යන බවත්, දේශිය වෙලදපොලේ රැදිය යුතු රණ් ආභරණ මෙසේ නිතියානුකුල නොවන ආකාරයට ඉන්දියාව වෙත රැගෙන යන නිසා ඉල්ලුමට සරිලන රණ් දේශිය වෙලදපොලේ නොමැති මෙසේ රන් පවුමක මිල ඉහල ගොස් ඇති බව වෙලදුන් කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ
Previous Post Next Post