හකීම් ගැන ත‍්‍රස්ත විමර්ශණයෙන් පරීක්‍ෂණ.. පාස්කු බෝම්බය ගැන පොටක් පෑදෙයි !

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස මර්ධන විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය විසින් කියා සිටියේ පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයේ මහමොලකරු මොහොමඩ් සහරාන් හසීම්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා බෝම්බ පිපිරීමකින් තුවාල ලබා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හකීම් හිටපු ඇමතිවරයා ඔහු බැලීමට යාම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.


මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

2017 වර්ෂයේ දිනයක සැකකාර රිල්වාන් යන අය රෝහල තුළදී හමුවීමට හිටපු ඇමැති රවුෆ් හකීම් කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් ඡායාරූප පවා ලැබී ඇති බවද පැමිණිලිකරු සිය පැමිණිල්ලේ දක්වා ඇත.

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ දී බෝම්බයක් අත්හදා බැලීමට යාමේදී පිපිරීමකින් තුවාල ලබා කොළඹ පුද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිට ඇති බවත් පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වී ඇත.
Previous Post Next Post