සූත‍්‍රය අනුව ඩීසල් 12කින් පෙට‍්‍රල් 08කින් මිල වැඩි කල යුතුයි - ඇමති අමරවීර

පැවති රජයේ මිල සූත්‍රය අනුව ගතහොත් අද වන විට ඩීසල් ලිටරය රුපියල් 12කින් සහ පෙට‍්‍රල් ලීටරය රුපියල් 08කින් වැඩි කළ යුතුව ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඉන්ධන මිල හෝ විදුලිය විදුලිය මිල ඉහළ දැමීමට රජය මේ වන තුරු කිසිම තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.


එසේ වුවද මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්වය තව දුරටත් පැවතුනහොත් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජයට තීරණය ගැනීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Previous Post Next Post