O /L ලියන්න ගිය මුස්ලිම් ජාතික සිසුවියගේ හිස් අවරණය නිසා ලොකු ගැටළුවක්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට සහභාගිවු ඉස්ලාම් දහම අදහන සිසුවියන්ගේ හිස් ආවරණය (ෆර්දාව) ගැලවීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක ශාලාධිපතිවරුන් පියවර ගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් ජාතික සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක් දැඩි අප්‍රසාධය පලකරති.


අද (02දා) දිනයේ ඉස්ලාම් ආගම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටි සිසුවියන්ගේ ෆර්දාව ඉවත්කරීමට උපදෙස් ලබාදි තිබෙන අතර ඒ සම්බන්ධ යෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට පැමිණිලි කිහිපයක් ලැබුණු බව ඒ මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදි පැවසුවේය.

එම පැමිණිලි සම්බන්ධයෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටත් පැමිණිලි ඉදිරිපත්කල බව ඒ මහතා පැවසු අතර එම ක්‍රියාව විභාගයට පෙනි සිටින දරුවන්ගේ මනසට දැඩි පීඩාවක් ගෙන දෙන්නක් බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම හා අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නගරයේ පිහිටි පාසලක විභාග ශාලාධිපතිවරුන් විසින් මුස්ලිම් ජාතික සිසුවියන්ගේ ෆර්දාව ඉවත්කරන ලෙස දැන්වීමත් සමග විභාග ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලියමින් සිටි සිසුවියන් දැඩි මානසික පීඩනයකට මුහුණදි තිබෙන බව වාර් ථාවිය.ඒ සම්බන්ධයෙන් අදහස් පලකල මුස්ලිම් ජාතික දෙමාපියන් පිරිසක්.

මේ දරුවෝ පාසල් අධ්‍යාපනය ආරම්භ කරනවාත් සමග තමයි ෆර් දාව පලදන්නේ.ඔවුන්ට රජයෙන්මයි පාසල් නිල ඇදුමේ කොටසක් විදියට ෆර්දාවට රෙදි දෙන්නේ.එහෙම තියෙද්දි මේ ළමයින්ට පිරිමි දරුවන් ඉදිරියේ ෆර්දාව ගලවන්න කිවුවම දැඩි අපහසුතාවක් ඇති වෙනවා.

දරුවෝ නිවෙස් වලට ඇවිල්ලා කිවුවා ලොකු ලැජ්ජාවක් සමග මානසික පීඩනයක් ඇතිවුණා කියලා.මේක මුස්ලිම් දැරියන්ගේ සම්ප්‍රධායක් ඔවුන්ගේ අන්‍යතාවයක්.විභාගයක් පවතින අවස්ථාවකදි ඔවුන්ගේ මානසිකත්වය බිදින්න කරපු මේ වැඩේ හරිම පහත් ක්‍රියාවක් බව දෙමාපියන් වැඩිදුරටත් පැවසුහ.

අනුරාධපුර මහේෂ් විජේසුරිය
Previous Post Next Post