රටටම පණු සහල් කැවූ “රත්න සහල්” ගොඩ දාන්න කුලී මාධ්‍ය කරුවන් මෙහෙයුම් අරඹයි!

ටටම බත සපයන පොලොන්නරුවටම කලු පැල්ලමක් එක් කරමින් පසුගියදා රත්න සහල් මෝල තුල සිදු කෙරුනු සහල් ජාවාරමක තොරතුරු මාධ්‍ය ඔස්සේ හෙලිදරව් කෙරුනු අතර පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ පනුවන් සහිත සහල් වලට රසායන ද්‍රව්‍ය යොදා නැවත ඇසුරුම් කොට යලි වෙලෙඳපොලට යවන්නට සූදානම් කල අයුරු රටටම හෙලිදරව් විය.

ජනතාවට කුනු සහල් කවන්නට ගොස් මාට්ටු වූ සමාගම මේ වනවිට සීල් තබා තිබෙන අතර ඔවුන් මේ වනවිට කෝටි ගනන් වියදම් කරමින් මාධ්‍ය මෙහෙයුම් දියත් කොට තිබෙන්නේ “රත්න සහල්” නාමය යලි සුද්ද කොට ජනතාව අතර ප්‍රචලිත කිරීමටය.
මේ සදහා පසුගිය ජනාධිපතිවරනයේදී එක්සත් ජාතික පක්ශයට කඩේ ගිය මාධ්‍ය කරුවන් පිරිසක් කුලියට ගෙන ඇති අතර තම සාක්කුව පෙරෙනවානම් රට හෝ ජනතාව අදාල නැත යන  සුපුරුදු ආදර්ශ පාඨය අනුව යමින් එම පිරිස අදාල සහල් නිශ්පාදනවලට සුදු හුණු ගෑමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරතව සිටී
අදාල මාධ්‍ය මෙහෙයුම සිදු කරන පුද්ගලයින් මෙන්ම එවාට වියදම් කරම මුදල් පිලිබදව සියලු විස්තර ඉදිරියේදී අප හෙලි කරන්නට සූදානම් බව මතක් කර සිටින අතරම. පාරිභෝගික ජනතාව මුලා කරමින් බත් පතට වස විස එක් කරමින් ජාවරාම් කරන ව්‍යාපාරිකයින්ගේ නිශ්පාදන ප්‍රතික්ෂේප කරන ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.
Previous Post Next Post