ජනාධිපති පාර්ලිමේන්තුව කල් තියන බවක් කතානායකටවත් දන්වලා නෑ.. ඒ ගැන ප‍්‍රශ්න කරනවා..- කිරිඇල්ල

පාර්ලිමේන්තුවේ කතානායකතුමාටවත් නොදන්වා පාර්ලිමේන්තුව කල්දැමීම ප්‍රෙහේළිකාවක් බව පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවරදී පැවසීය.
මන්ති‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කළේ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ රු. මිලියන 02ක ප‍්‍රතිපාදන මත සංවර්ධනය කළ මහනුවර දන්තුරේ බෝධිමාලකාරාම මෙහෙණි ආරාමයේ පිවිසුම් මාර්ගය විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍යවේදින් හමුවේ

අදහස් දක්වමිනි.

හිටපු අමාත්‍යවරයා ලෙස සිදුකළ ශාසනික සේවය අගයමින් උපහාර තිළිණයක්ද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ති‍්‍රවරයාට මෙහිදි පිරිනැමිණි.

මෙහිදි මාධ්‍යවේදිනි හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ති‍්‍රවරයා,

‘නිදහසින් පසු දහසය වතාවක් ආණ්ඩු වෙනස් වුණා. බලයට පත් වූ ආණ්ඩුවත් කාලයාගේ ඇවෑමෙන් වෙනස් වේවි ඒ නිසා ඉවසීමෙන් ඉන්න ඕන. අපි එක්සත් ජාතික පක්ෂය ලෙස තනතුරු වෙනස්කම් සමඟ ඉදිරියට යන්න සූදානම්.

පක්ෂය විසින් සජිත් පේ‍්‍රමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා ලෙස නම් කළා. නමුත් ආණ්ඩුව පාර්ලිමේන්තුව කල්දමා තිබෙනවා. ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව කැඳවූ වහාම ඒ බව නිල වශයෙන් කතානායකතුමන් ප‍්‍රකාශ කරාවි. කුමන හේතුවකට පාර්ලිමේන්තුව මෙතරම් කාලයකට කල් දැමුවාද යන්න අපටත් ප්‍රෙහේළිකාවක්.

රටේ යම්කිසි ප‍්‍රශ්ණයක් ඇතිවුණොත් ඒ පිළිබඳ සාකච්චා කිරිමට පාර්ලිමේන්තුව තිබිය යුතුයි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව අවම වශයෙන් කතානායකතුමාටවත් දැනුම් දිය යුතුයි. නමුත් එවැනි දැනුම්දීමක් සිදුකරලා නැහැ’

මහමැතිවරණය පිළිබඳ අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ පසුගියදා පැවති පාර්ලිමේන්තු මන්ති‍්‍ර රැස්වීමේදි සිය`එ දෙනා සමගි වූ බවත් එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණය ජයග‍්‍රහණය කිරිමට සූදානමින් සිටින බවයි.

– මාධ්‍ය ඒකකය
Previous Post Next Post