SAARC රන් දිනූ අමාෂාගේ සහෝදරයා හිටපු ඇමති හරීන්ගේ රෙදි ගලවයි.. කල නොහොබිනා වැඩ සියල්ල කියයි

මේ දිනවල නේපාලයේදී පැවැත්වෙමින් තිබෙන දකුණු ආසියානු රටවල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් විසින් ලබාගන්නා ජයග්‍රහණයන් හිටපු ක‍්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීම මත සිදු වූ ඒවා යැයි හුවා දැක්වෙන ප්‍රචාරයන් සම්බන්ධයෙන් එම තරඟාවලියට සහභාගීවන ක්‍රීඩිකාවකගේ සහෝදරයා විසින් දැඩිව විවේචනය කරමින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.


හිටපු ක‍්‍රීඩා ඇමතිවරයාටත් වර්තමාන පාලනයටත් ඔහු දැන් දැඩිව චෝදනා එල්ල කරයි.

අදාළ සම්පූර්ණ සටහන මෙසේය.

පින්තූරයේ සිටින අමාශා ද සිල්වා මාගේ බාල නැගෙණියයි.ඇය සුගතදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සදහා කොලඹ පැමිනෙන්නේ 2019 ඔක්තෝබර් අවසන් දිනවල යි.ඇය නේවාසිකව සිටියේ සුගතදාස නේවාසිකාගාර යි.එම නේවාසිකාගාරයේ අඩුම තරමෙන් මදුරු දැලක් හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නොමැති බව මා ඇතුලු පවුලේ සාමාජිකයන් එහි ගිය විට දක්නට ලැබුනේ සාග් වලට ඔන්න මෙන්න කියා තිබියදී යි.සුගතදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ ඩෙංගු බහුල බව කොලඹ අවට ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු බව නොසිතමි.

අමාශා සාග් සදහා නේපාලයට ගොස් ඇත්තේ උණ වැලදී තිබූ පසුබිමක යි.ඇයට 100m රන් පදක්කම අහිමි වෙන්නට එයත් යම් තාක් දුරකට හේතුපාදක වන්නට ඇතැයි විශ්වාස කරමි.කෙසේ වුව ද, 100*4 තරගයේ අවසානයේ ඇය රන් පදක්කම තම රට වෙනුවෙන් තහවුරු කරන්නේ ඉතා අපහසු තත්වයක් සිටිය දී බව එම වීඩියෝව සැලකිල්ලෙන් බලන් ඕනෑම අයෙකුට සරලව තේරුම් ගත හැකියි.එසේ රෝගාතුරව සිටිය දී වුවත් ඇය ජයග්‍රහණය කර්න්නේ ඇගේ චිත්ත ශක්තිය හා පෙර පුහුණුවීම් අන් සියල්ලටම වඩා බලවත් නිසා බව මා හොදින් ම දනිමි.

තත්වය එසේ තිබියදී සමහරක් දේශපාලනික වහලු අදබාලයන් මෙම ජයග්‍රහණය පිටුපස සිටින්නේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා බව සමාජ ජාලා හරහා පාරම් බෑමට පටන්ගෙන ඇත.දැඩි වර්ශාව බදුල්ල ට පවතින් සමයක් වෙන පලාතක් තුල ජාතික මහා ක්‍රීඩා උලෙළ සංවිධානය නොකර බදුල්ලට එම ක්‍රීඩා උලෙළ රැගෙන ගොස් තම මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරමං කලේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා බව කවුරුත් දනී.කෙටියෙන්ම කීමට ඇත්තේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා හෝ හිටපු රජයන් හෝ තවමත් මේ රජය මලළ ක්‍රීඩාවට කරඇති කෙංගෙඩියක් නොමැති බවයි.එසේ නිවැරදි රාජ්‍ය අනුග්‍රාහකයක් ලැබුනේ නම්, අද ලංකාවට ඔලිම්පික් පදක්කම් යනු විශ්ම කර්ම දෙයක් නොවීම්ට ඉඩකඩ තිබිනි.

ඉතින් එම දේශපාලකයන් ගේ රෙදි අපුල්ලන මාගේ සමහරක් මුහුණු පොත් මිතුරන්ට, එය මදකට නවත්වා, අද ඉරිදා දිනය බැවින් ඔබගේ එකතු වී ඇති කිලුටු රෙදි පොට්ටනිය අපුල්ලා ගන්නා මෙන් කාරුණිකව මතක් කර සිටිමි.එය නොදන්නා අටමගල් පැවසීමට ඩේටා නාස්ති කරනවාට වඩා ඵලදායී කාර්‍යයක් බව තරයේ විශ්වාස කරමි.

– Layan De Silva FB
Previous Post Next Post