සජිත් ඉවත් කළ සෙට් එක රනිල් වැඩට අරන්

මන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට සම්බන්ධව වොක්ෂෝල් වීදියේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව සේවය කළ ඉන්දියානුවන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය සතියේදී සේවයෙන් ඉවත් කර ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඔවුන්ව යළි සේවයට බඳවාගෙන ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ඉන්දියානුවන් පිරිසගේ කාර්ය සාධනය ඉතාම අයහපත් මට්ටමක පවතින බව දිගින් දිගටම නිරීක්ෂණය වීම නිසා ඔවුන්ව වහාම ඉවත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබිණි.

එවන් පිරිස රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් එජාපය තුළම මත දෙකක් පළවී ඇත.

එක් පාර්ශ්වයක් මෙය කකුලෙන් ඇදීමක් ලෙස හඳුන්වන අතර අනෙක් පාර්ශ්වය පවසන්නේ සිය ප්‍රචාරණ ව්‍යාපෘතියෙහි සියලුම රහස් දන්නා පිරිසක් අවසන් මොහොතේදී සතුරු පාර්ශ්වය අතට පත්වීම වැළැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඊළඟ සතිය සඳහාත් ඔවුන් සේවයෙහි රඳවා ගත් බවයි.
Previous Post Next Post