මෛත්‍රීගේ අවසන් කැබිනට් තීන්දු මාධ්‍යට වසන් කරලා?

මාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් අමාත්‍ය මණ්ඩල තීන්දු තීරණ මාධ්‍යයට ලබා නොදෙන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ. මීට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීම් පැවැති දිනට පසු දින අමාත්‍ය මණ්ඩලය ගන්නා ලද තීන්දු හා තීරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය ආයතනවලට යොමු කිරීම සිදු කළේය.

එහෙත් පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීන්දු තීරණ මාධ්‍යයට ලබානොදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (13) මාධ්‍ය ආයතන වෙත දැන්වා තිබේ.

ඉහළ පෙළේ දේශපාලනඥයකුගෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ලැබුණු නියෝගයක් මීට හේතු වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වූ අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ද එය විය.
Previous Post Next Post