එජාප 10කට වැඩි පිරිසක් මහින්ද සමග සාකච්චා.. දේශපාලන පෙරලියක් සූදානම් බව මහින්ද කියයි

ක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 10 දෙනකුට වැඩි පිරිසක් පොහොට්ටුව සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කීය.

මේ සියලු දෙනා තමන් සමඟ සාකච්ඡාවට පැමිණියේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව යැයි ද ඔහු සඳහන් කළේය.


පසුගිය සතියේ මේ සම්බන්ධව තමන් ඔවුන් හා සාකච්ඡා වට තුනක් පැවැත්වූ බව ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ මහතා අවසන් සතියේ දේශපාලන වේදිකාවේ පෙරැළි සිදුවන්නට ඉඩ ඇති බවද කීය.

මෙම සාකච්ඡාවලට පැමිණි එ.ජා.ප. මැති ඇමැතින් තමන් සමඟ සඳහන් කළේ සිය පක්ෂයේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උතුරට හා දකුණට ස්ථාවර දෙකක් ප්‍රකාශ කිරීම සහ බොහෝ පක්ෂ තීන්දුවලදී දෙතුන් දෙනෙක් තනිව ක්‍රියා කරන්නට යාම ගැන ඔවුන් කලකිරී සිටින බව යැයි ද පැවසීය.

– deshaya
Previous Post Next Post