ජනාධිපතිට සුබ පතනවා.. මං දේශපාලනයෙන් සමුගන්නවා.. ගොවිතැන් කරනවා..- වෙල්ගම

මන් දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී තම පාර්ශවය ප්‍රකාශ කල දේවල් හරි ගියේ නැති බවද ඔහු පැවසුවේය.


නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන බවත් ජනතා තීන්දුවට තමන් හිස නමන බවත් වේල්ගම මහතා කීය.

නමුත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවන බවත් වෙනත් පක්ෂවලට සම්බන්ධ නොවන බවත් කී මන්ත‍්‍රීවරයා මේ දිනවල තමන් වගා කටයුතු නිරත වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
Previous Post Next Post