මගුල් බෙර හඬ මැද ශ‍්‍රීලනිප-පොහොට්ටු ගිවිසුමට අත්සන් තැබේ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද පෙරවරු අත්සන් තබන ලදී.

කොළඹ පදනම් ආයතනයේදී සුබ මොහොතින් පක්‍ෂ දෙකේ ලේකම්වරුන් වන දයාසිරි ජයසේකර හා සාගර කාරියවසම් විසින් මෙම ගිවිසුම් අත්සන් තැබීම සිදු විය.

ශ‍්‍රීලනිප වැඩ බලන රෝහණ ලක්ෂ්මන් පියදාස, පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් නිමල් සිරිපාලද සිල්වා, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්තෘවට එක්ව සිටියහ.

මෙම අවස්ථාව සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වැරුන් සහභාගී නොවීම විශේෂත්වයකි.
Previous Post Next Post