සජිත්ට චෝදනා ඇති කෝටි 120ක මුදල් වංචාවක් ගැන අගමැති නියමයෙන් පරීක්‍ෂණ ඇරඹේ.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ් වෙන ලකුණු

මැති සජිත් ප්‍රේමදාස මහතා යටතේ පවතින ධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් කෝටි 120ක පමණ මුදලක් අතුරු අතුරුදන්ව ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

එම කමිටුවේ ප්‍රධානත්වයට පත්කර ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකයි.

මෙම පියවර අගමැතිවරයා විසින් ගෙන ඇත්තේ ඇමැති රවි කරුණානායක මහතා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමකින් පසුවයි.

කැබිනට් මණ්ඩලයට පෙරාතුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඇමැති රවි කරුණානායක මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල විශාල මුදලක් අතුරුදහන්ව ඇති බවට කරුණු හෙළිකර තිබේ.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ප්‍රචාරක කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අති විශාල මුදලක් අවභාවිතා කර ඇතැයි මෑතකදී විපක්‍ෂයෙන් චෝදනා එල්ල විය.

පොදු දේපළ අවභාවිතා කිරීමේ චෝදනා එල්ල වූ විපක්‍ෂ දේශපාලඥයන් ගණනාවක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් අතර ඔවුන් නොමැතිව දීර්ඝ කාලයක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාටද එල්ල වෙමින් ඇත්තේ පොදු දේපල අවභාවිත චෝදනාමය.
Previous Post Next Post