අනුර කුමාර ජනපති සටනට

ජාතික ජන බලවේග ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර නම් කරන ලදි

ඒ, කොළඹ - ගාලූමුවදොරපිටියේදී පැවැත්වෙන ජාතික ජන බලවේග ජන රැළියේදිය.


ජනාධිපතිවරණයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ සිය අපේක්ෂකයෙකු මෙලෙස ඉදිරිපත් කරනු ලැබුවේ වසර 20 කට පසුවය.

ඉන් අනතුරුව රැළිය ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ රටේ සෞභාග්‍ය මාවත සඳහා සියළු දෙනා එකට එක්විය යුතු බවයි.
Previous Post Next Post