අකිල ධනංජය හා කේන් විලියම්සන් පන්දුව දමා ගසන බවට චෝදනා !

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ සහ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පන්දු යැවීමේ නීති විරෝධී බවට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අනුව ඔවුන් දින 14 ක් ඇතුළත ඔවුන් පන්දු යැවීම් ඉරියව් පිළිබඳ පරීක්ෂණයකට යොමු විය යුතුයි.

මේ දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව සැක මතු වී විනිසුරුවන් විසින් චෝදනා එල්ල කළේ ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුවයි.
Previous Post Next Post