අනුර කුමාර ජවිපෙන් ජනාධිපතිවරණයට !

දිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් නව බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට නියමිත යැයි වාර්තා වෙයි.

ඒ සඳහා වූ ජනරැළියක් එළැඹෙන 18 වැනි දා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

අනුර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම එම පක්‍සයේ වැඩිම කැමැත්ත වී ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ අතර ඔවුන් අනියමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ සන්ධානයට සහයෝගය දුන් බවට මත පලවිය.

මේ තත්ත්වය මත ආසන්න වශයෙන් ලක්ෂ පහක ඡන්ද ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ ලබාගනු ඇත්තේ 62 ලක්‍ෂයක් වූ 2015 ජනාධිපතිවරණ ජයගත් පාර්ශවයෙනි.
Previous Post Next Post