තමන් හා එක්වන්නැයි ගෝඨාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක් !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දුරකථනයෙන් ඇමතූ බව එක්සත් ජාතික පක්ෂ කැළණිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසයි. මෙම ඇමතුම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැලණියේ ප්‍රසිද්ධ ස්ථානයක දී ෆොන්සේකා මහතාට ලබාදුන් බව ද ඔහු සඳහන් කළේය.

පැරණි තරහ අමතක කර තමන් සමඟ ගමනක් යන්න එක්වන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළේ යැයිද ඔහු පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ෆොන්සේකා මහතා එය ප්‍රතික්ෂේප නොකර ‘බලමු’ යැයි පැවසූ බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
Previous Post Next Post