වහාම ක්‍රියාත්මකවන පරිදි සිම්බාබ්වේ කණ්ඩායමේ ICC සාමාජිකත්වය අත්හිටුවයි !

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි සිම්බාබ්වේ කණ්ඩායමේ ICC සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන්.

ලන්ඩන් හි ඊයේ පැවති ICCයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ICCය මෙම තීරණය ගෙන ඇත්තේ එරට ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ලවන බව පවසමින්.
Previous Post Next Post