දත්කුහර පිරවීමට ගන්නා ඇමල් ගම් මාරාන්තිකයි

දත් කුහර පිරවීමට ලංකාවේ වෛද්‍යවරුන් විසින් භාවිත කරන ඇමල් ගම්වල පවත්නා රසදිය, නිදන්ගත ස්නායු රෝග, පිළිකා සහ වකුගඩු රෝග ඇතුළු මාරාන්තික රෝගාබාධ රැසකටම හේතු වී ඇතැයි ඒ පිළිබඳව පර්යේෂණ සිදුකළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය එළිදක්වා ඇති නවතම වාර්තාවකට අනුව ලංකාවේ දත් කුහර පිරවීමට භාවිත කරන ඇමල්ගම්වලින් වඩාත්ම සෞඛ්‍ය අවදානමකට ලක්වන්නේ කුඩා දරුවන් සහ ගර්භණී මාතාවන් බව "පරිසර යුක්ති කේන්ද්‍රයේ" විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා පවසයි.

විතානගේ මහතා මෙසේ පැවැසුවේ රාජගිරියේ පිහිටි ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ කාර්යාලයේ ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

මිනිස් සිරුරට ඉතා අහිතකර බැර ලෝහයක් වූ රසදිය සහ රසදිය අඩංගු ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කරන බවට පොරොන්දු වෙමින් ශ්‍රී  ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද "මිනමාටා" සම්මුතියට පවා අස්සන් කර ඇතැයි විතානගේ මහතා කියා සිටී.

ඒ අනුව ලබන වසර (2020) වනවිට ලංකාව රසදිය භාවිතයෙන් ඉවත් විය යුතු වුවත් තවමත් මෙරටට රසදිය ආනයනය කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Previous Post Next Post