ලෝක අපරාද කළ ශ්‍රී ලංකිකයන් 14කට රතු නිවේදන

ජාත්‍යන්තර මට්ටමෙ අපරාධ සිදු කර ඇතැයි චෝදනා ලබා සිටින ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානය (Interpol) විසින් රතු නිවේදන නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධාන වෙබ් අඩවිය සඳහන් කරයි.
ඉන්ටර්පෝල් ආරංචිමාර්ග වලට අනුව සජීව ඩී සොයිසා හෙවත් කොස්ගොඩ සුජී ,එමිල් ලක්ෂ්මි කාන්තන් ,මුනිසාමි තමසීලන් ,වික්නරාසා සෙල්වනාතන් යන සිව්දෙනා සඳහා විශේෂ රතු නිවේදන නිකුත් කර ඇත.

පසුගිය සමයේ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයකට එරෙහිවයි කොස්ගොඩ සුජී හට විශේෂ රතු නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර අනෙක් 10 දෙනා හට චෝදනා එල්ලවන්නේ දේශසීම නීති උල්ලංඝණය කොට අපරාධ සිදු කිරීමට එරෙහිවය.

දේශසීමා උලාංඝණය කර විදෙස් රටවල සිට අපරාධ කිරීම හා ඒවා මෙහෙයවීම යන කරුණු මත එම රටවල් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම රතු නිවේදන නිකුත් කළ බව සඳහන්වේ.
Previous Post Next Post