මේ එජාපයේ අවසන් අයවැයයි - තෙවරප්පෙරුම

මේ ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ අවසන් අයවැය යෝජනාවලිය බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරවීම සදහා තමන් කිසිසේත්ම ඡන්දය නොදෙන බවත් ජනාධිපති යනු රටේ රජු බවත් රජතුමාට කන්න බොන්න නැති කරවීමට තමන් සූදානම් නැතැයිද ඔහු පැවසීය.
දරුවන් පස් දෙනෙකු පාසැලට දමාගන්න තමන් විසින් දැක්වූ විරෝධයේදී එජපයේ කිසිවෙකු තමන් වෙනුවෙන් නොසිටි බවත් තමන් වෙනුවෙන් සිටියේ ජනාධිපති පමණක් බවත් ඔහු සදහන් කලේය.
Previous Post Next Post