මන්නාරමේ ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි - කැණීම් කටයුතු 2020 දී !

න්නාරම තෙල් ගවේෂණ ව්‍යාපෘතිය  සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල් ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කරනවා. ඊයේ (29) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළ‍ේ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති බවත් සමීක්ෂණ හා අධ්‍යන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණියේ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න නිධි හා බැරල් බිලියන දෙකක් පමණ ඉක්ම වූ තෙල් නිධි දෙකක් සහිතව සක්‍රිය ඛණිජ තෙල් පද්ධතියක් පවත්නා බව සනාථ කර ඇති බවයත්ය.

එසේම දැනට සොයාගෙන ඇති නිධි දෙකෙන් කුඩා නිධියක් වන ද්‍රොනාඩෝ මගින් ඝන අඩි බිලියන 350ක ස්වාභාවික වායු  ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකියැයි තක්සේරු කර ඇති අතර ඉන් මෙගාවොට් 300 ක් පමණ වන ධාරිතාවක් ඇති විදුලි බලගාරයක් නොනවත්වා වසර 10ක් පමණ කාලයක් ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනවා.

දෙවන ස්වාභාවික වායු නිධියේ ඝන අඩි බිලියන 1000ක් පමණ ස්වාභාවික වායු නිධි පවතින බවට තහවුරු වි තිබෙනවා.

2020 වසරේදි නිෂ්පාදන බෙදා ගැනීමේ හා ළිං කැණීම් කටයුතු කළ හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඒ සඳහා ලන්සු කැඳවීම මැයි මස අවසන් කරන බවත් ඒ සඳහා ආයතන 12ක් පමණ ඉදිරිපත්ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Previous Post Next Post