මැතිවුස් යලි නායකත්වයට ? - මාලිංග ඉවත් කරන්නැයි තිසර ක‍්‍රිකට් ආයතනයෙන් ඉල්ලයි !

වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග 20-20 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන්නැයි තිසර පෙරේරා ඉල්ලා තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් තිසර පෙරේරා විසින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වෙයි.
මෙම් තත්වය මත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උග‍්‍ර බෙදීමක් මතුව ඇති අතර කණ්ඩායම යලි සමගි කිරීම සදහා ඇන්ජලෝ මැතිවුස් යලිත් නායකත්වයට පත් කිරීමට සූදානමක් ඇතැයිද පැවසෙයි.

කණ්ඩායමේ මතුව ඇති තත්වය ගැන සාකච්චා කිරීම සදහා ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා මැතිවුස් සහ මාලිංග සමගින් තීරණාත්මක සාකච්චාවන් ආසන්න දිනවලදී පවත්වන ලදී.

ලසිත් මාලිංගගේ බිරිද හා තිසර පෙරේරාගේ බිරිද ෆේස්බුක් ජාලය ඔස්සේ මෑතකදී උණුසුම් වාදයක යෙදුනු අතර එය සමනය කිරීම සදහා ක‍්‍රිකට් ආයතනයද මැදිහත් විය.
Previous Post Next Post